දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් ප්‍රමාණවත් ලෙස නොමැති වීමෙන් දිනකට දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
දැනට සේවයේ යේදී සිටින රියැදුරන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොමැති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතා සඳහන් කළේ ය.
දුම්රිය රියැදුරෙකු පුහුණු කිරීමට වසර 3ක් ගත වන බව පෙන්වා දුන් සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, මේ වන විට රියැදුරන් කොටසක් පුහුණු කිරීම ආරම්භ කර ඇති බව ය.
පසුගිය කාලයේ දුම්රිය නියාමකවරුන් නොමැති වීමෙන් දුම්රිය ගමන් අවලංගු කිරීමට සිදුවූ බව ද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.