15% කාන්තා නියෝජනය නොවුනහොත් නීතිමය පියවර ගන්නවා – ලෝගේස්‌වරී සිවප්‍රගාසම්

15% කාන්තා නියෝජනය නොවුනහොත් නීතිමය පියවර ගන්නවා – ලෝගේස්‌වරී සිවප්‍රගාසම්

SHARE

දිවයිනේ පළාත් පාලන ආයතන 15 සියයට විසිපහේ කාන්තා නියෝජනය මෙතෙක්‌ තහවුරු කර නැහැ. මෙය කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්‌. මෙය තහවුරු කිරීම තවත් ප්‍රමාද වුවහොත් නීතිමය පියවර ගැනීමට සූදානම් බව මානව සංවර්ධන ආයතනයේ වැඩසටහන් සම්බන්ධීකාරක ලෝගේස්‌වරී සිවප්‍රගාසම් මහත්මිය පැවසුවාය.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ‘වේල්වි කාන්තා සංවිධානයේ’ 13 දෙනාට උපහාර පිදීමේ උළෙලක්‌ කල්මුනේ ක්‍රිස්‌නා මණ්‌ඩපයේ පැවැති අවස්‌ථාවේදී ඇය එසේ පවසා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ලෝගේස්‌වරි මහත්මිය,

රටේ ජනතාවගෙන් 52% ක්‌ කාන්තාවන් රටේ ඡන්දය ලබාදීමට සුදුසුකම්ලත් කාන්තාවන් 56% ක්‌ එම නිසා එළඹෙන පළාත් සභා මැතිවරණයේදී කාන්තා නියෝජනය 35% දක්‌වාත් පාර්ලිමේන්තු මැතිවරණයේදී එය 50% ක්‌ විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධන රජය විසින් ගෙන ආ යුතු යෑයි ද පැවසුවාය. රටේ මුළු ආදායමෙන් වැඩි කොටසක්‌ කාන්තාවන් විසින් ලබා දෙනවා. විදේශීය ශ්‍රමිකයන් ලෙස කඳුරට කාන්තාවන් ලෙස හා නිදහස්‌ වෙළෙඳ කලාපවල වැඩ කරමින් කාන්තාවන් විශාල ආදායමක්‌ රටට ලබා දෙනවා. මෙය සැලකිල්ලට ගෙන දේශපාලනයේදී සියයට 50 ක නියෝජනය කාන්තාවන් හට ලබාදිය යුතු බව ද පැවසුවාය.