රටේ දුප්පත්කම ඉහළ ගියේ සෑම ආණ්ඩුවක්ම කරපු වංචා හා දූෂණ නිසා.. –...

රටේ දුප්පත්කම ඉහළ ගියේ සෑම ආණ්ඩුවක්ම කරපු වංචා හා දූෂණ නිසා.. – ජනපති –

SHARE

සෑම ආණ්ඩුවක් තුළම සිදු වූ මහා පරිමාණ වංචා හා දූෂණ රටේ දුප්පත්කම ඉහළ යාමට හේතු වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දේශපාලනඥයින්, රජයේ නිළධාරින් සහ ඊට සම්බන්ධ වූ දුෂිත ව්‍යාපාරිකයින් මෙම වංචා සහ දූෂණවලට වගකිව යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

පොලොන්නරුව, මැදිරිගිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ වංචා දූෂණ නැති කරමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් රට තුළ ගොඩනැගීම තමන් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනිමට හේතු වූ බවයි.