වසර 35 කට පසුව සෞදි අරාබියේ පළමු සිනමා ශාලාව අප්‍රේල් මස 18 විවෘත කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනූව ඉදිරි වසර 5 තුළදී සෞදි අරාබිය තුළ තවත් සිනමා ශාලා 40 ක් විවෘත කිරීමට නියමිත බවයි එම වාර්තාවලින් සදහන් වන්නේ. දැඩි ඉස්ලාමීය නීති පද්ධතියක් තුළින් පාලනය වන සෞදි අරාබිය තුළ මීට පෙර පැවති සිනමා ශාලාවන් 1970 දී වසා දැමීමට එවකට සිටි ඉස්ලාමීය පූජකවරු නියෝග කර තිඛෙනවා. සෞදි අරාබියේ මෙවැනි වෙනස් කම් සිදුවන්නේ එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් විසින් එරට ආර්ථීක සහ සමාජීය ප්රතිසංස්කරණයක් ඇති කිරීමට ගෙන ඇති තීරණයයි.