අතුරුදන් වුවන් සම්බන්ධයෙන් පෞද්ගලිකවම මැදිහත් වෙනවා – මංගල සමරවීර

අතුරුදන් වුවන් සම්බන්ධයෙන් පෞද්ගලිකවම මැදිහත් වෙනවා – මංගල සමරවීර

SHARE

අතුරුදන්ව ඇති සිය දරුවන් පිළිබඳව තොරතුරු සොයා දෙන ලෙස ඉල්ලමින් දින 389ක් තිස්සේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත මවුවරුන් පිරිසක් හමුවීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පෙරේදා (31දා) එහි ගියේය. සිය අතුරුදන් වූ දරුවන් පිළිබඳ අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කළ මවුවරු මේ සඳහා කඩිනම් විසඳුමක් අවශ්‍ය බව කියා සිටියහ.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ අතුරුදන් වූවන් වෙනුවෙන් වූ කාර්යාලය නුදුරේදීම සිය කටයුතු ආරම්භ කරන බවයි. එහි නිලධාරීන් මුලතිව් වෙත පැමිණ මේ මවුවරුන්ගේ තොරතුරු ලබා ගනු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම මැදිහත් වී කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දේශපාලනික හෝ හමුදාමය වශයෙන් මේ කාර්යාලයේ කටයුතු සඳහා මැදිහත් වීමක් සිදුනොකරන බවද හෙතෙම අවධාරණය කළේය.